UNESCO ලෝක උරුම ලැයිස්තුවේදී සමාලෝචනයට ලක් නොවූ ජපානයේ Sado පතල


ජපානයේ sado පතල ලෝක උරුම සමාලෝචනයට ලක් නොවේ

.

ලෝක උරුම සදහා තම රටෙන් නිර්දේශ කරනු ලබන ස්ථාන වල දත්ත ඇතුලත් සම්පූර්ණ තොරතුරු පත්‍රිකාවක් නියමිත දිනට පෙර UNESCO උපදේශක මණ්ඩලය (අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය) වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් 2023 ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම සදහා ජපානය විසින් නිර්දේශ කරන ලද Niigata ප්‍රාන්තයේ Sado දූපතේ පිහිටි Sado නම් රන් සහ රිදී පතල් භූමිය එම ලැයිස්තුවට ඇතුළත් කිරීම අපහසු කාරණයක් බවට පත්ව ඇති බව මේ සම්බන්ධ සමීප ආරංචි මාර්ග බදාදා පැවසීය . 

 

සෑම වසරකම පෙබරවාරි මාසය වන විට ලෝක උරුම ලියාපදිංචි කිරීම සඳහා බලාපොරොත්තු වන සෑම රටක්ම තමන්ගේ රටේ පිහිටා ඇති, ගැලපෙන ස්ථාන ඒ සඳහා නිර්දේශ කළ යුතු අතර, UNESCO සංවිධානයේ ක්‍රියාකාරී මාර්ගෝපදේශවලට අනුව නිර්දේශ කෙරෙන සෑම ස්ථානයකම දත්ත සමාලෝචනය කිරීම සඳහා මාර්තු 1 වනවිට සංවිධානයේ උපදේශක මණ්ඩලය වෙත යොමු කළ යුතු වේ .

 

Niigata ප්‍රාන්ත රජයට අනුව,17 වන සියවසේ ලොව විශාලතම රන් නිෂ්පාදකයෙකු වන Sado mine හි කාර්මිකකරණයට පෙර සහ පසු කාලය තුළ කැපී පෙනෙන කැණීම් තාක්ෂණ ඉතිහාසයක් පෙන්නුම් කරන අතර එනිසා ජපාන සංස්කෘතික කටයුතු පිළිබඳ කවුන්සිලය විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම ස්ථානය ලෝක උරුම අපේක්ෂකයෙකු ලෙස තෝරා ගත් නමුත් දකුණු කොරියාව පසුගිය පෙබරවාරි මාසයේදී එල්ල කරන ලද දැඩි විරෝධය හමුවේ පතල නිර්දේශ කිරීමේ සැලැස්ම ප්‍රමාද කිරීමට රජයට සිදුව තිබිණි.

 

එම භූමිය කොරියානුවන්ගේ යුධ කාලීන බලහත්කාර ශ්‍රමයට සම්බන්ධ වීම එයට හේතුව ලෙස ඔවුන් සදහන් කර තිබූ අතර UNESCO ලෝක උරුම කමිටුවට විසින් ඉතිහාසගත කරුණු සම්බන්ධයෙන් දෙරට අතර පවතින ගැටුම පිළිබඳ සිය කනස්සල්ල ජපානයට පළ කර ඇති බව ද ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය .

108 Views

Comments