ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට තීරණය කළ රුසියාව


රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට තීරණය කරයි

.

යුක්‍රේනයේ සටන් සම්බන්ධයෙන් Moscow සහ බටහිර රටවල් අතර ගොඩනැගී තිබෙන ඉහළ ආතතීන් මධ්‍යයේ, එළැඹෙන 2024 න් පසුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වී තමන්ගේම කක්ෂගත මුරපොලක් තැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට එරට තීරණය කර ඇති බව රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නව ප්‍රධානියා අඟහරුවාදා ප්‍රකාශ කළේය .

 

මෙය අනපේක්ෂිත නිවේදනයක් නොවූවත්, එමඟින් වසර 24ක් පැරණි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අනාගතය අර්බුදකාරී තත්ත්වයකට ලක්ව ඇති බවත් රුසියානුවන් නොමැතිව මධ්‍යස්ථානයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම අතිශයින් දුෂ්කර වනු ඇති බවටත් විශේෂඥයින් මෙහිදී අදහස් පළ කළහ . එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක Ned Price මෙම නිවේදනය සම්බන්ධයෙන් කියා සිටියේ "එය අවාසනාවන්ත වර්ධනයක් වගේම වසර ගණනාවක් පුරාවට අපගේ අභ්‍යවකාශ ඒජන්සිවලට හිමිවූ වටිනා වෘත්තීය සහයෝගීතාවය අහිමි වීමක් .  NASA සහ එහි හවුල්කරුවන් 2030 දක්වා මෙම ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වුණා " යනුවෙනි. 

 

මේ මාසයේදී Roscosmos ලෙසින් හැඳින්වෙන රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ නායකත්වයට අලුතින් පත් කරන ලද Yuri Borisov සහ රුසියානු ජනපති Vladimir Putin සමඟ පැවති හමුවකදී “2024 න් පසු නැවතුම්පොළෙන් පිටවීමට අපි තීරණය කර ඇති කළා. ඒ වන විට නව රුසියානු කක්ෂගත ස්ථානයක් පිහිටුවීමට අපි සැලසුම් කරන්නෙමු " යනුවෙන් Yuri පැවසුවේය. 

 

" ඉහළ පරිපාලනයේ තීරණය සම්බන්ධයෙන් සිය රුසියානු සගයන්ගෙන් තවමත් සෘජු විමසීමක් නොකළ නමුත් ඒජන්සිය 2030 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරක්ෂිත ක්‍රියාකාරිත්වයට කැපවී සිටින අතරම පෘථිවි කක්ෂයේ ප්‍රධාන පැවැත්ම සහතික කිරීම සඳහා මෙන්ම අනාගත හැකියාවන් ගොඩනඟා ගැනීම සඳහා දිගින් දිගටම අපි උත්සහ කරනවා " යනුවෙන් NASA පරිපාලක Bill Nelson උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය .

87 Views

Comments