උතුරු ජපානයේ "සාඕ" හිම යෝධයන් අතර..


ස්වභාවික ක්‍රියාවලියකට අනුව තැනෙන යෝධ හිම කඳු රාශියකින් සමන්විත ..

.

ස්වභාවික ක්‍රියාවලියකට අනුව තැනෙන යෝධ හිම කඳු රාශියකින් සමන්විත උතුරු ජපානයේ  "සාඕ" හිම භූමිය තරුණ මහලු කා අතරත් ජනප්‍රිය ජපානයේ පිහිටි අලංකාරම භූවිෂමතාවය කින් හෙබි ප්‍රදේශයකි. විවිධ හැඩවලින් යුක්ත ඉතා උස හිම කඳු හෙවත් "හිම යෝධයන් " අතරින් යොදා ඇති කේබල් කාර් මඟින් සංචාරකයින්ට කමෙන්ට් කිරීමට පහසුකම් මෙහි සලසා ඇත.

මීටර් හයේ සිට උස ඇති හිම කඳු සහ හිමෙන් වැසී ඝණීභවනය වුනු ශාක තුරු මුදුන් මෙලෙස හිම යෝධයන් මෙන් ගුවනට දිස් වෙයි. මෙවර  මෙම විනෝදාත්මක කාල සීමාව මදක් වේලාසනින් උදාවී තිබෙන අතර දෙස් විදෙස් සංචාරකයින් ජනවාරි මස මුල සිටම මෙහි සංචාරය කරනු දක්නට ලැබිණි.

Comments