රට තුළ ශිඝ්‍රයෙන් පැතිර යමින් පවතින COVID-19 වෛරසයේ BA.5 Omicron උප ප්‍රභේදය හේතුවෙන් වසංගතයේ හත්වන රැල්ල සමඟ ජපානය සටන් කරමින් සිටින මොහොතක , රටේ පුරවැසියන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 10 කට පසු පළමු වරට 2021 වසරේදී පහත වැටුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද දත්ත වාර්තා මගින් සිකුරාදා පෙන්වා දී තිබේ .
ඒ අනුව කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු කාලය පෙර වසරට සාපේක්ෂව වසර 0.14 කින් අඩු වී අවුරුදු 87.57 ක් බවට පත්ව තිබූ අතර පිරිමින්ගේ ආයු කාලය වසර 0.09 කින් අඩුවී අවුරුදු 81.47 බවට පත්ව ඇත.
2011 වසරේදී ඊසානදිග ජපානයේ ඇතිවූ දැවැන්ත භූමිකම්පාව සහ සුනාමිය හේතුවෙන් මෙන්ම Fukushima Daiichi න්‍යෂ්ටික සංකීර්ණය දියවී යාම හේතුවෙන් 15,000කට වැඩි ගණනය කළ නොහැකි විශාල පුරවැසියන් සංඛ්‍යාවක් රටට අහිමිවී ගිය අතර ඉන් පසුව සිදුවූ පලමු බිඳවැටීම මෙය විය.
"වසංගතය සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයු කාලය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන අතර බොහෝ පිරිමින්ගේ ආයු කාලය අඩුවීම පිටුපස ඇත්තේ COVID-19 වේ "යනුවෙන් අමාත්‍යාංශ නිලධාරියෙකු මෙහිදී අවධාරණය කළේය.
මෙලෙස පහත වැටීමක් වාර්තා වී තිබියදීත්, කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අනුව ජපානය තවමත් අංක 1 ස්ථානයේ රැදී සිටින අතර, දකුණු කොරියාව අවුරුදු 86.5 ක් සහ සිංගප්පූරුව අවුරුදු 85.9 ක් ලෙසින් ඊට පසුපසින් සිටින බව අමාත්‍යාංශය මෙහිදී වැඩිදුරටත් පැවැසීය.