සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික අවිහරණ සමාලෝචන සමුළුව 2020 වසරේ ලොව පුරා ව්‍යාප්ත වී ගිය COVID-19 වසංගතය හේතුවෙන් සිදුවූ වසර දෙකක ප්‍රමාදයකින් පසුව එළැඹෙන අගෝස්තු 1 දින ආරම්භ වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
"Newyork නගරයේ පැවැත්වෙන සමුළුවට සහභාගී වන පලමු ජපාන නායකයා ලෙසින් තමා සමුළුව නියෝජනය කරන බවත් එහිදී ඉදිරිපත් කෙරෙන ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා න්‍යෂ්ටික නොවන රාජ්‍යයන්ට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිතා නොකිරීමේ මූලධර්මය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බවත්" සිකුරාදා දින පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජපාන අගමැති Fumio Kishida පැවසීය.
රුසියාවේ යුක්රේන යුද්ධය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින මොහාතක දැඩිව එල්ල වන න්‍යෂ්ටික තර්ජනයන් මධ්‍යයේ, න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ ලොව වඩාත් පුළුල් ලෙස අනුමත කරන ලද ගිවිසුම වන න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීමේ ගිවිසුම පිළිබඳ සමාලෝචන රැස්වීම පැවැත්වීමට පියවර ගෙන තිබේ. න්‍යෂ්ටික නිරායුධකරණයේ අවශ්‍යතාවය පිළිබඳ විවාදය වාෂ්ප වී ඇති බැවින් සඳුදා සිට අගෝස්තු 26 දක්වා පැවැත්වෙන සමුළුවේදී සියලු ජාතීන්ට එකඟ විය හැකි ප්‍රතිඵල ලේඛනයක් තහවුරු කර ගැනීම සමුළුවේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා ඇත.