COVID-19 වසංගතය මධ්‍යයේ නීති පැනවීම අනවශ්‍ය බව ජපාන අගමැති පවසයි


ජනතාවට අනවශ්‍ය නීතී නො දමා කොමිට් වසංගත ජයගැනීමට උත්සාහ කළ යුතු බව ජපාන අගමැති පවසයි

.

අධික සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු COVID-19 වෛරසයේ BA.5 Omicron උප ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව අති විශාල ලෙස ඉහළ ගියද, සංචරණ සීමා පැනවීම වැනි නීතිමය පියවර ගැනීමට රජයට තවමත් සැලසුම් කර නොමැති බව ජපාන අගමැති Fumio Kishida සිකුරාදා නිවේදනය කළේය .

 

"සමාජ හා ආර්ථික ක්‍රියාකාරකම් සමඟ ඉදිරියට යාමට අප සතුව ඇති ක්‍රමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරන්නෙමු" යනුවෙන් Kyodo News සහ Hiroshima පදනම් කරගත් Chugoku Shimbun සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී එතුමා සදහන් කළේය. 

 

ආර්ථික පුනර්ජීවනය සහ Corona වෛරස ප්‍රතිචාරය භාර අමාත්‍ය Daishiro Yamagiwa මෙහිදී ඔවුන්ගේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ “ආසාදන පාලනය සහ ආර්ථික හා සමාජ ක්‍රියාකාරකම් අතර සමතුලිතතාවයක් ඇති කිරීමට පළාත් පාලන ආයතනවලට රජය උදව් කරන බවයි.

100 Views

Comments