ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය වලට ආකර්ෂණීය වටිනාකමක් ලබාදුන් ජපාන නිවාඩු නිකේතනය


Tokyo Disney නිවාඩු නිකේතනය ප්‍රතිචක්‍රීයකරණ ද්‍රව්‍ය වලින් තවත් භාණ්ඩ නිපදවයි

.

Tokyo අගනුවරට ආසන්නව පිහිටා ඇති Chiba ප්‍රාන්තයේ Urayasu නගරයේ දක්නට ලැබෙන ජනප්‍රිය නිවාඩු නිකේතනයක් වන "Tokyo Disney" විසින් 2021 වසරේදී "පෘථිවියට සහ මනුෂ්‍යයන්ට හිතකාමී " භාණ්ඩ දියත් කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද "Circulating Smiles" ව්‍යාපෘති මාලාවේ නවතම එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි. 

 

එහිදී ඔවුන් විසින් පළමු වරට නිකුත් කරන ලද කාබනික කපු වලින් සමන්විත බෑගය වෙනුවට මෙවර  උද්‍යානවලින් එක් රැස් කර ගන්නා ලද ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් බෝතල් වැනි අයිතම භාවිතා කරමින් මෘදු වර්ණවලින් යුත් භාණ්ඩ වර්ග හයක් නිපදවා ඇති අතර ඒවා Circulating Smiles ව්‍යාපෘතියේ කොටසක් බව පෙන්වීමට ඔවුන්ගේ මුල් ලාංඡනය එහි නිර්මාණය කර තිබේ. 

 

මෙම නිෂ්පාදන අතරට වටිනාකම යෙන් 2000 වන අළු-කොළ පැහැති වර්ණයෙන් යුතු Mug එකක් සහ ලා දුඹුරු පැහැති වර්ණයෙන් යුතු යෙන් 3,900 සහ යෙන් 4,300 වටිනා Tote බෑග් වර්ග දෙකක්, යෙන් 7,900 වටිනා Apron එකක් , යෙන් 6,500 වටිනා මෙට්ටයක් මෙන්ම යෙන් 3,900 වටිනා තොප්පියක් අයත් වේ. 

 

"සියලුම භාණ්ඩ එදිනෙදා ජීවිතයේදී භාවිතයට ගත හැකි වන පරිදි නිර්මාණය කර ඇති අතර ඒ සෑම විටකම මිනිසුන්ට පරිසරය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ දැනුවත්භාවයක් ලබා ගැනීමට ඉඩ සැලසෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එමෙන්ම එළඹෙන සරත් සෘතුවේදී අපගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් පැළඳ සිටින ඇඳුම් වලින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද තවත් භාණ්ඩ කීපයක් දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ” යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් නිවාඩු නිකේතනයේ ක්‍රියාකරු වන Oriental Land Co. හි නියෝජිතයෙකු සදහන් කළේය.

132 Views

Comments