දකුනු කොරියානු හමුදා ප්‍රකාශ කරන අන්දමට උතුරු කොරියාව පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන් මෙම මාසය තුළ සිදුකළ 6 වන ආයුධ අත්හදා බැලීම යටතේ සැක සහිත බැලස්ටික් මිසයිල දෙකක් මුහුද දෙසට යොමුකර ඇත.
පවසන පරිදි උතුරු කොරියාව මෙවන් අසාමාන්‍ය වේගයකින් අවි අත්හදා බැලීම සිදුකරන්නේ උතුරු පෙදෙසේ අවිහරණය සම්බන්ධව ඇමෙරිකාව ප්‍රමුකව පනවා ඇති සම්බාධක ලිහිල් කිරීම සම්බන්ධව දිගුකාලීනව නවතා ඇති සාකච්ඡා වලට එරෙහිව බයිඩන් පාලනය පීඩනයට ලක් කිරීමේ අරමුණ ඇතිව බවයි.
මෙම අත්හදා බැලීම් පිලිබදව අසතුටුදායක ලෙස කතාකල ජපාන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ එම කිසිදු ක්‍රියාවකින් මෙතෙක් ජපාන මුහුදු තීරය අවට නෞකාවකට හෝ ගුවන් යානයකට අනතුරක් නොමැති බවයි