මෑතකදී පැවති විශ්ව විද්‍යාල ඇතුලත්වීමේ විභාගයකදී තමන් විසින් වංචා කරන ලද බව දහ නම හැවිරිදි සිසුවියක් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පාපොච්චාරණය කර ඇති බව සැලවේ. ඔසාකා හි පදිංචිකාරියක් වන ඇය, කගාවා පොලිස් ස්ථානයේදී ප්‍රකාශ කළේ තමන් වර්තමාන විශ්වවිද්‍යාලයේ ලබාගන්නා ලකුණු අසතුටුදායක නිසා වෙනත් විශ්ව විද්‍යාලයකට මාරුවීම සඳහා මෙම විභාගයට මුහුණ දුන් බවත් තාක්ෂණය උපයෝගී කරගෙන විභාගය වංචා කිරීමට තමන් තනිවම සැලසුම් කළ බවත් ය.
ඇය විසින් සිය උඩ ඇඳුමේ සවිකර සවිකරගත කැමරාවක් ආධාරයෙන් ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර එය අන්තර්ජාලය හරහා වෙනත් අයෙක්ට යවා පිළිතුරු ලබා ගත් බව තවදුරටත් ඇය ප්‍රකාශ කර ඇති බව සැලවේ. කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ වලදී දැනට අනාවරණය වී ඇත්තේ ටෝකියෝ විශ්ව විශ්වවිද්‍යාලයක සිසුන් දෙදෙනෙක් වෙත මෙකී ඡායාරූප ලැබී ඇති බවත් ඔවුන් මෙසේ නැවත සිසුවියට පිළිතුරු එවා ඇති බවත් ය.