සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින Monkeypox උවදුර හමුවේ නගරවාසීන් 150,000 ක් පමණ වෛරසය ආසාදනය වීමේ අවදානමට ලක්ව ඇති බැවින් මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් New York නගරය "ව්‍යාප්ත කේන්ද්‍රය" ලෙස හඳුන්වමින් පසුගිය සෙනසුරාදා දින නගරය තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
නගරාධිපති Eric Adams සහ සෞඛ්‍ය කොමසාරිස් Ashwin Vasan විසින් එදිනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ " නගර සෞඛ්‍ය සංග්‍රහය යටතේ හදිසි නියෝග නිකුත් කිරීමට සහ පැතිරීම මන්දගාමී කිරීමට උපකාරී වන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා කේත විධිවිධාන සංශෝධනය කිරීමට නිලධාරීන්ට ඉඩ සලසා දෙන බවයි".
පසුගිය දින දෙක තුළ වෛරසයේ ව්‍යාප්ති වේගය සලකා බලා New York නගරයේ ආණ්ඩුකාරවරයා වන Kathy Hochul විසින් රාජ්‍ය ආපදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ අතර ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් Monkeypox උවදුර යනු "මහජන සෞඛ්‍යයට ආසන්න තර්ජනයක්" බවට ප්‍රකාශ කළේය.
නගරයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව සිකුරාදා වන විට සමස්ථ රෝගීන් 1,345 ක් වාර්තා වී තිබූ අතර මෙහිදී හඳුනාගත් Monkeypox වෛරසය කලාතුරකින් මාරාන්තික වන නමුත් බොහෝවිට සති කිහිපයක් තුළදී සුවය ලැබේ. එසේ වුවත් වෛරසය නිසා ඇතිවන තුවාල සහ බිබිලි අතිශයින් වේදනාකාරී වේ.