මවගේ හුස්ම සිර කොට ඝාතනය කර පලා ගිය පුත්‍රයා අත්අඩංගුවට ගැනේ


මව ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට පත්වේ

.

ජපානයේ Tokyo අගනුවර පිහිටි නිවසක් තුළදී රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි 75 හැවිරිදි Kazuko Mogami නම් තම මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇයගේ පුත්‍රයා වන Masayuki Mogami නම් 36 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයකු Tokyo ප්‍රාන්ත පොලිසිය විසින් සෙනසුරාදා දින අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.   

 

සිකුරාදා පස්වරු 5.30 ට පමණ නිවසින් පිටතට ගොස් සිටි ඇගේ වැඩිමහල් දියණිය නැවත නිවසට පැමිණි විට ඇතිරිල්ල මත වැතිර සිටියදී තුවායකින් ගෙල සිරකර ඝාතනය කර දමා ගොස් තිබූ මවගේ මළ සිරුර ඇයට හමුවී ඇති බව පොලිසිය මෙහිදී සදහන් කළේය. 

 

අදාළ කාන්තාව තම සැමියා, පුතා සහ දියණිය සමඟ කලක පටන් මෙම නිවසේ ජීවත්ව ඇති අතර Masayaki විසින් ඇයව ඝාතනය කළ මොහොතේදී ඇගේ සැමියා සහ දියණිය නිවසේ නොසිටි බව පැවැසේ. "තමා විසින් ඔවුන්ගේ මව ඝාතනය කළ බවට සොහොයුරාගෙන් තමන්ට කෙටි පණිවිඩයක් ලැබුණු බව" දියණිය පොලිසියට ප්‍රකාශ කර ඇත . 

 

නිවසෙන් පලා ගොස් සිටි සැකකරු සෙනසුරාදා පස්වරු කාලයේ Hagashi-Ojima දුම්රිය ස්ථානයේ රැදී සිටියදී අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකිවූ අතර වින්දිතයා වසර ගණනාවක් තිස්සේ දුර්වල රෝගයකින් පීඩා විඳි බව පැවසේ. ඔහුගේ සොහොයුරිය දිවා කාලයේ රැකියාවට ගමන් කිරීම හේතුවෙන් දවස පුරාවටම තමන්ගේ මව රැකබලා ගැනීම නිසා ඔහු වෙහෙසට පත්ව සිටි බවත් එය දරා ගත නොහැකිව ඝාතනය සිදුකරන්නට ඇති බවත් උපකල්පනය කරමින් අඛණ්ඩ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ

121 Views

Comments