බටහිර වෙරළට පැමිණෙන පුද්ගලයන්ට ඩොල්ෆින් සමඟ පිහිනීමට අවස්ථාවක්.


බටහිර වෙරළට පැමිණෙන පුද්ගලයන්ට ඩොල්ෆින් මත්ස්‍යයන් හා නෑමට අවස්ථාවක් උදාවේ

.

බටහිර ජපාන නගරයේ සමුද්‍ර ජීවී මධ්‍යස්ථානයක් විසින් තබා ඇති රිසෝගේ ඩොල්ෆින් මත්ස්‍යයින් දෙදෙනෙකු මෑතකදී සංවෘත ප්‍රාදේශීය වෙරළ තීරයක අක්වෙරළ ප්‍රදේශයකට  ගෙන යන ලද අතර, එම මත්ස්‍යයන් දිනකට දෙවරක් වෙරළට මුදා හරිනු ලැබේ. එමඟින් නාන මිනිසුන්ට ඩොල්ෆින් සමඟ පිහිනීමට හැකි වේ.

 

රිසෝගේ ඩොල්ෆින් සමඟ අමුත්තන්ට පිහිනීමට හැකි ජපානයේ එකම වෙරළ තීරය ලෙස ටයිජි තල්මසුන් කෞතුකාගාරයේ ප්‍රධාන භාරකරු වන 34 හැවිරිදි ෆුමියාකි ටොමිටා මෙම අවස්ථාව  ප්‍රවර්ධනය කරයි. මෙම ඩොල්ෆින්ගේ satsuki නම් ගැහැණු සත්වයාට වයස අවුරුදු 13ක් සහ shiro නම් පිරිමි සත්වයාට අවුරුදු 26ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. ඔවුන් දෙදෙනාම දිග මීටර් 3 ක් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 400 ක් පමණ වේ.

 

සෑම දිනකම පෙරවරු 11 ට සහ සවස 1 ට  ඩොල්ෆින් දෙදෙනා මිනිත්තු 15කට මුදා හරිනු ලැබේ. අගෝස්තු 16 දක්වා මෙය සිදුකරන අතර අයහපත් කාලගුණය හෝ වෙනත් හේතූන් නිසා මෙය  අවලංගු විය හැකිය.

Comments