දෙවන දරුවා මෙන් පලමු දරුවාවත් හුස්ම සිර කර මරා දැමූ ජපාන කාන්තාවකට අධිචෝදනා නිකුත් කෙරේ


තම දරුවන් දෙදෙනා ම මරා දැමූ මවක් අත්අඩංගුවට පත්වෙයි

.

නැගෙනහිර ජපානයේ Kanagawa ප්‍රාන්තයේ Yamato නගරයේ පිහිටි තම නිවසේ දී 2019 වසරේ අගෝස්තු මාසයේදී පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 7 හැවිරිදි පුත් Yudai ගේ හුස්ම හිර කර ඝාතනය කළ බවට සැකපිට 42 හැවිරිදි Ayano Ueda නම්  කාන්තාවක මිනීමැරුම් චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට ජූලි 31 වැනි දින වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ .

 

ඇය මීට පෙරද මෙලෙසින්ම 2017 වසරේ අප්‍රේල් මස 5 වැනි දින මාස 17 ක් වයසැති Kosei නම් තම බාලම පුතුගේ හුස්ම හිර කිරීම මරා දමා තිබූ අතර ඒ සම්බන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. තම වැඩිමල් පුතුගේ ඝාතනය සම්බන්ධයෙන් මෙම වසරේ පෙබරවාරි මාසයේදී Ueda ප්‍රථම වරට අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය එම චෝදනා එකහෙළාම ප්‍රතික්ෂේප කර තිබේ .

 

Yokohama දිස්ත්‍රික් රජයේ අභිචෝදක කාර්යාලය විසින් ඇයගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා  ඇයව පරීක්ෂණ වලට යොමු කර තිබූ අතර සාපරාධී වගකීමක් දැරීමට තරම් ඇගේ මානසික මට්ටම ශක්තිමත් බව තහවුරු වීමත් සමග ජූලි 29 වන දින මිනීමැරුම් චෝදනා යටතේ ඇයට අධිචෝදනා පවරන ලදී.

Comments