එක් අවුරුදු දැරියක් korea townහීදී අනතුරකින් මියයයි.


Korea town හිදී සිදුවූ අනතුරකින් දැරියක් මිය යයි

.

අගෝස්තු 1 වැනි දින උදෑසන ඔසාකහි 'කොරියා ටවුන්' හිදී 1 හැවිරිදි දැරියක් මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇත. ඔසාකා ප්‍රාන්ත පොලිසියේ ඉකුනෝ පොලිස් ස්ථානයට අනුව, වින්දිතයා නගෝයා හි මිනාටෝ ප්‍රදේශයෙහි ජීවත් වන මේයි නකායාමා ය. 

 

මෙම අනතුට දැරිය මුහුණ දී ඇත්තේ ඇය සහ පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ඔසාකා හි ඉකුනෝහි කොරියානු ආහාර වෙළඳසැල් සහිත සාප්පු සවාරි දිස්ත්‍රික්කයක් වන Korea Town වෙත පැමිණෙමින් සිටින අවස්ථාදීය. පෙරවරු 11.40 ට පමණ මෝටර් රථවලට ගමන් කිරීමට ඉඩ නොදුන් අවස්ථාවේදී මෙම ගැටීම සිදුව තිබේ.

 

රියදුරු එම ස්ථානයෙන් පලා ගිය පසු ඇයගේ  මව පොලිසියට කතා කර ඇත. කාන්තාව එම වෑන් රථයේ අංකය සටහන් කරගෙනද ඇත. ප්‍රාන්ත පොලිසිය මෙම සිද්ධිය අනතුරක් ලෙස විමර්ශනය කරමින් සිටින අතර, පසුව මාර්ග රථවාහන පනත උල්ලංඝනය කළ බවට සැකපිට 74 හැවිරිදි රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇත.

99 Views

Comments