න්‍යෂ්ටික අවි රහිත ලෝකයක් වෙනුවෙන් පෙරමුණ ගත් ජපාන අගමැති


ජපාන අගමැති න්‍යෂ්ටික සමුළුව නියෝජනය කරයි

.

න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ ගිවිසුම පිළිබඳව පසුගිය සදුදා දින පැවැති සමාලෝචන සමුළුවේදී "හිරෝෂිමා ක්‍රියාකාරී සැලැස්ම" යනුවෙන් නව යෝජනා මාලාවක් එලිදක්වමින් "න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු බලවේගවලට එක්වන ලෙස" ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සියලුම ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ. 

 

ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ න්‍යෂ්ටික විරෝධී සමුළුවකට සහභාගී වූ පළමු ජපාන නායකයා ලෙස සැලකෙන අතර Kishida මෙහිදී අදහස් දක්‌වමින් න්‍යෂ්ටික රාජ්‍යයන්ගේ අවි ගබඩාවල විනිවිදභාවය වැඩි දියුණු කරන ලෙස ඉල්ලා සිටි බවත් , හිරෝෂිමා සහ නාගසාකි වෙත සිදුකෙරෙන සංචාර තුළින් පරමාණු බෝම්බ පිළිබඳව ඉගෙන ගැනීම සඳහා ගෝලීය තරුණ ප්‍රජාවට උපකාර කිරීම වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට ඩොලර් මිලියන 10 ක අධාර මුදලක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලබා දෙන බවත් පවසා තිබේ. 

 

"හිරෝෂිමාවේ අගමැතිවරයෙකු ලෙස, න්‍යෂ්ටික අවි නොමැති ලෝකයක් සඳහා සෑම යථාර්ථවාදී ක්‍රියාපිළිවෙතක්ම පියවරෙන් පියවර ගත යුතු බව මම විශ්වාස කරමි" යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකළ තම ආමන්ත්‍රණයේදී Kishida අවධාරණය කළේය.

83 Views

Comments