Pelosi ගේ තායිවාන සංචාරය සම්බන්ධයෙන් චීනය එල්ල කළ චෝදනා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි


Pelosi ගේ තායිවාන සංචාර

.

එක්සත් ජනපදයේ කථානායක Nancy Pelosiගේ අපේක්ෂිත තායිවාන සංචාරය සම්බන්ධයෙන් බීජිනය ප්‍රදර්ශනය කරන ලද වාචාලකම පසුගිය සඳුදා දින ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කළ අතර "එක්සත් ජනපදය ඇම නොගන්නා හෝ කඩු හරඹයක නොයෙදෙන බවත්, චීනය සමඟ පවතින ආතතීන් වැඩි කිරීමට උනන්දුවක් නොදක්වන බවත්" ප්‍රකාශ කළේය.  

 

මෙහිදී ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක Jhon Kirby අවධාරණය කලේ, චීනය තමන්ට අයිති යැයි කියා ගන්නා ස්වයං පාලනයක් සහිත දිවයිනට සංචාරය කරන්නේද නැත්ද යන්න පිළිබඳව ගනු ලබන අවසන් තීරණය Pelosi සතු වන බවයි. 

 

තායිවාන් සමුද්‍ර සන්ධියේ හෝ තායිවානය අවට ප්‍රදේශයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, තායිවානයේ ගුවන් සීමාවට පියාසර කිරීම සහ මහා පරිමාණ නාවික අභ්‍යාස සිදු කිරීම වැනි යුධමය ක්‍රියාමාර්ග ඇතුළුව, ප්‍රකෝපකාරී පළිගැනීම් සහිත පියවරයන් ගැනීම සඳහා චිනය විසින් මෙම තායිවාන සංචාරය නිදහසට කරුණක් ලෙස භාවිතා කළ හැකි බවට පරිපාලන නිලධාරීන් කනස්සල්ලට පත්ව සිටින බව ඔහු මෙහිදී තවදුරටත් පැවැසීය.

90 Views

Comments