වසර 3කට පසු පළමු වරට විදී දර්ශනය කළ යෝධ Nebuta උත්සවය 


වසර 3කට පසු Nebuta උත්සවය නැවත ආරම්භ වේ

.

පුරාණ කාලයේ පටන් පැවැත එන ජාතික වශයෙන් වැදගත් ජනප්‍රවාද සහිත සංස්කෘතික සම්පතක් ලෙස නම් කර ඇති Aomori Nebuta උත්සවය වසර තුනකට පසු පළමු වරට පසුගිය අගෝස්තු 2 වන දින විදී දර්ශනය කළ අතර මෙම උත්සවය ඊසානදිග ජපානයේ Tohoku කලාපයට අයත් ප්‍රධාන ගිම්හාන උත්සවවලින් එකක් ලෙස සැලකේ. 

 

Washi ජපන් කඩදාසි සහ වයර් භාවිතා කරමින් ජපානයේ පෞරාණික රණශූරයන් සහ මිථ්‍යා කථා නිරූපණය කරන දර්ශන සහිත දැවැන්ත ලියවිලි සිතුවම් Nebuta Floats වල නිර්මාණය කර ඇති අතර ඒවා උසින් මීටර් 5 ක් සහ දිගින් මීටර් 9 ක් පමණ වේ. 

 

උත්සවය අතරතුර එවැනි Floats 18ක් නගරයේ හදවත හරහා ගමන් කිරීම සිදුවූ අතර, මෙමගින් කලාපයට කෙටි ගිම්හානයේ පැමිණිම උත්සවාකාරයෙන් ප්‍රකාශ කිරීම හා සැමරීම සිදු කෙරේ. 

 

මෙම උත්සවය අගෝස්තු 7 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ගිම්හාන Kimono සහ මල් ආභරණවලින් සරසන ලද තොප්පි පැළඳ සිටි "Haneto" නර්තන ශිල්පීන් තම ගායන සහ සංගීතයට අනුව සිය නර්තන හැකියාවන් ඉදිරිපත් කළ ආකාරය මෙහිදී දැකගත හැකි විය.

98 Views

Comments