සිය පළමු දෙමුහුන් දුම්රියේ ධාවන කටයුතු ආරම්භ කළ JR Tokai


JR තම පලමු දෙමුහුන් දුම්රිය ධාවනය ආරම්භ කරයි

.

Central Japan Railway (JR Tokai) සමාගම  විසින් පසුගියදා සිය පළමු ඩීසල්-බැටරි දෙමුහුන් දුම්රියේ වාණිජ මෙහෙයුම් ආරම්භ කළ අතර එහි දැනට භාවිතයේ පවතින වර්තමාන දුම්රිය සියල්ලක්‌ම නව මාදිලිය සමඟ ප්‍රතිස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව සමාගම ප්‍රකාශ කළේය. 

 

Aichi ප්‍රාන්තයේ JR Nagoya දුම්රිය ස්ථානය සහ Gifu ප්‍රාන්තයේ Takayama දුම්රිය ස්ථානය සම්බන්ධ කරමින් Takayama දුම්රිය මාර්ගයේ ගමන් කරන “HC85 ශ්‍රේණිය” ට අයත් සීමා සහිත Hida සීඝ්‍රගාමී දුම්රියක් වන මෙහි පළමු සේවාව පසුගියදා Nagoya දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය.

 

"වසංගතය හේතුවෙන් Hida-Takayama කලාපයට පැමිණෙන අමුත්තන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. එනිසා සංචාරකයන්ට ඔවුන්ගේ චාරිකා භුක්ති විඳීම සහතික කිරීම සඳහා හැකි උපරිමයෙන් කලාපයේ ආකර්ශනීය බව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තවදුරටත් මෙවැනි වාණිජ මෙහෙයුම භාවිතා කිරීමට අපට අවශ්‍යය" යනුවෙන් සමාගමේ සභාපති Shin Kaneko පිටත්වීමේ උත්සවයේදී සඳහන් කළේය.  

 

මෙහිදී Gifu ආණ්ඩුකාර Hajime Furuta කියා සිටියේ "දුම්රිය ඇතුළත ගමන් කරන විට දක්නට ලැබෙන දර්ශනය 'අතිශයින්ම පුදුම සහගතයි' . මෙය සංචාරක පුනර්ජීවනය හරහා පශ්චාත් COVID ලෝකය සඳහා පිටත්වීමේ උත්සවයක් ලෙස මම සිතමි. මුළු සවාරියම දර්ශනීය අත්දැකීමක් ” යනුවෙනි.

96 Views

Comments