Fukushima විකිරණශීලීතාවයට  එරෙහිව  TEPCO ට සිවිල් නඩු


2011 වර්ෂයේ  Fukushima නගරයේ න්‍යෂ්ටික  ව්‍යසනය සිදු වන විට  එවකට එහි කුඩා දරුවන් ලෙස වාසය කළ එම සිදුවීම නිසාම  තයිරොයි?

.

2011 වර්ෂයේ  Fukushima නගරයේ න්‍යෂ්ටික  ව්‍යසනය සිදු වන විට  එවකට එහි කුඩා දරුවන් ලෙස වාසය කළ එම සිදුවීම නිසාම  තයිරොයිඩ් පිලිකා වලට මේ වන විට ලක්ව සිටින පුද්ගලයන් 6 දෙනෙකු ඔවුන්ගේ අසනීප තත්වයට වන්දි ඉල්ලමින් TEPCO ආයතනයට එරෙහිව මේ වන විට නඩු පවරා ඇත. ඔවුන්ගේ චෝදනාව වන්නේ ඔවුන්ට මෙවන් දරුණු රෝගයකට මේ වන විට මුහුණ දීමට සිදුවූයේ  අධික විකිරණශීලීතාවය ට නිරාවරණය හේතුවෙන්  බවයි.

 

මේ වන විට වයස අවුරුදු 17ත් 27ත් අතර පසුවන මෙම පුද්ගලයන් Fukushima හි න්‍යෂ්ටික  කර්මාන්තශාලාව පවත්වාගෙන යන Tokyo Electric Power Company Holding ආයතනයෙන් ජපන් යෙන් මිලියන 616ක වන්දියක් ඉල්ලා ඇත.

 

සිද්ධියට අදාළ නීතිඥයන් පවසා ඇත්තේ  වසර 11 කට පෙර සිදුවූ මෙම න්‍යෂ්ටික  ව්‍යසනය හේතුවෙන් ඇති වූ සෞඛ්‍ය ගැටලු මත මෙම ආයතනට නඩු පැවරූ ප්‍රථම කණ්ඩායම මොවුන් බවයි.

Comments