ජපානයට එරෙහි වූ චීන සහ රුසියානු නායකයෝ


ASEAN සමුළුවේ දී ජපානයට රුසියානු හා චීන නායකයෝ විරෝධතාවය පල කරයි

.

රටවල් 18 ක‍ සාමාජිකයින්ගෙන් යුත් අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) හා සම්බන්ධ  සමුළුවේ විදේශ අමාත්‍ය සැසිවාරය සිකුරාදා දින Phnom Penh හිදී ආරම්භ වූ අතර ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi ගේ සභාව ඇමතීමේ වාරය පැමිණි විට චීනයේ සහ රුසියාවේ විදේශ අමාත්‍යවරුන් සභාවෙන් පිටව ගිය බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වාර්තා කළේය. 

 

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක Nancy Pelosi විසින් පසුගියදා සිදුකළ තායිවාන සංචාරය සහ මොස්කව් හි යුක්‍රේන ආක්‍රමණය හෙළා දැකීම සඳහා ප්‍රතිචාර වශයෙන් ආරම්භ වූ Beijing හමුදා අභ්‍යාස පිලිබඳව ජපානය විසින් එල්ල කළ විවේචනයට විරෝධය පළ කිරීමක් වශයෙන් මෙහිදී චීනයේ Wang Yi  සහ රුසියාවේ Sergey Lavrov සිය අසුන්වලින් ඉවත්ව යන්නට ඇති බව පැවැසේ.

Comments