මංකොල්ලකෑමෙන් මසුන් 3000ක් මිය යයි


ජපානයේ ගෘහස්ථ ධීවර පොකුණක මංකොල්ලකෑමක් සිදුවෙයි

.

Kazunori Yamada Gifu ප්‍රාන්තයේ Tokyo  නගරයේ Tsuribori Honpo  නමින් ගෘහස්ථ ධීවර පොකුණක් පවත්වාගෙන යයි. ඔහු පසුගිය අඟහරුවාදා උදෑසන එම ස්ථානය විවෘත කිරීමට ගොඩනැගිල්ලට පැමිණි විට කිසියම් අයෙකු ගොඩනැගිල්ලේ පිටුපස දොරේ ඇතුල් කවුළුව කඩා කාර්යාලයට කඩා වැදී ඇති බව ඔහු දැක ඇත.

 

කාර්යාලීය වයිෆයි රවුටරය සහ ඩිජිටල් ආරක්‍ෂක කැමරා පද්ධතියේ දත්ත අඩංගු දෘඪ තැටිය මෙන්ම මුදල් යෙන් දහස් ගණනක් සොරුන් විසින් සොරකම් කර ඇත. පිටුපස ජනේලය කැඩීමට අමතරව සොරුන් විසින් ගොඩනැගිල්ලේ විදුලි රැහැන ද කපා ඇති අතර එමඟින් පොකුණේ වායු පොම්පය සහ පෙරහන පද්ධතිය අක්‍රීය කර ඇති අතර අඟහරුවාදා උදෑසන යමඩා රැකියාවට පැමිණෙන විට මාළු 3000ක් පමණ  මියගොස් ඇත.

 

Yamada කඳුළු සලමින් පවසා සිටියේ “මට මාළු අපේ සමාගමේ සේවකයන්. මගේ සේවකයන් මරා දැමුවා," යනුවෙනි.

109 Views

Comments