ක්ෂීරපථ මන්දාකිණියේ දර්ශනීය ආලෝකකරණ ඉසව්ව


ජපානයේ summer illuminations කොරෝනා අතරේද සාර්ථකව පැවැත්විණි

.

Mie ප්‍රාන්තයේ Kuwana හි පිහිටා ඇති "Nabana no Sato" නම් සංචාරක මධ්‍යස්ථානයේ වර්ණවත් ආලෝකය සහිත විදුලි බුබුළු සහ සාම්ප්‍රදායික ජපන් කුඩ යොදාගනිමින් ක්ෂීරපථ මන්දාකිනියේ අනුරුවක් දර්ශනීය අයුරින් නිර්මාණය කර ඇති අතර "Summer Ilumination" ලෙස හැඳින්වෙන මෙම ආලෝක සමය එළැඹෙන සැප්තැම්බර් 19 තෙක්, සාමාන්‍ය දිනෙක නම් හිරු බැස යෑමේ සිට රාත්‍රී 9 දක්වාත් විශේෂ දිනයක නම් රාත්‍රී 10 දක්වාත් නරඹන්නන් වෙනුවෙන් විවෘතව පවතී. 

 

මෙම භූමියේ පිහිටා ඇති දළ වශයෙන් දිගින් මීටර් 130ක් සහ පළලින් මීටර් 8ක් වන විශාල පොකුණ හරහා LED විදුලි බුබුළු යොදාගනිමින් "තරු සහිත ක්ෂීරපථය" නිර්මාණය කර ඇති අතර සන්ධ්‍යාව එළැඹි විට භූමිය තුළින් මැවෙන මනස්කාන්ත දර්ශනය නරඹන්නන් වශී කරවන සුළු වේ. 

 

වර්ණවත් ලෙස ආලෝකමත් කරන ලද කෘතිම "Tulips" හැඩයෙන් යුතු කුඩ මෙන්ම වර්ණ හතක් පිළිබිඹු කෙරෙන මීදුමෙන් වැසී ඇති දිගු දිය පහර මෙහි දක්නට ලැබෙන අනෙකුත් අංග අතරින් සුවිශේෂී ලෙස සැලකේ .

Comments