"Minami-Uonuma Yukiakari" රාත්‍රී සැණකෙලියේ තුන්වන වෙළඳ උත්සවය Niigata ප්‍රාන්තයේ Uonuma හිදී එළැඹෙන අගෝස්තු 10 දින සිට 14 දින දක්වා පැවැත්වීමට සංවිධානය කර ඇති බවත් ඒ සෑම දිනකම ආහාර ට්‍රක් රථ 30ක්, වෙළෙන්දන් 60 දෙනෙක් සහ අමතර වෙළඳ කුටි රාශියක් සමගින් සවස 4.30 සිට රාත්‍රී 8.30 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බවත් වාර්තා වේ.
මෙහිදී නරඹන්නන් හට ආහාර පාන, සම්බාහන සේවා, යෝග පාඩම් සහ වෙනත් වෙළඳ භාණ්ඩ පිරිනමන වීදි වෙළෙන්දන් සමඟ ගනුදෙනු කිරීමට මෙන්ම දර පෝරණුවක් භාවිතා කර පීසා නිෂ්පාදනය කෙරෙන සුවිශේෂී ආහාර ට්‍රක් රථයෙන් නැවුම් ආහාර වේලක රස බැලීමටද අවස්ථාව හිමි වන අතර https://www.instagram.com/minamiuonuma යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මෙම උත්සවය පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමට පහසුකම්වලින් සලසා දී තිබේ.
"මට අවශ්‍ය වන්නේ වසර ගණනාවක් පුරාවට මෙම රාත්‍රී වෙළඳපොල පවත්වාගෙන යාමට සහ එය ප්‍රාන්තයේ සහ ඉන් පිටත සිටින පුද්ගලයින්ට අවම වශයෙන් එක් වරක් හෝ දැකීමට අත්‍යාවශ්‍ය වන සිදුවීමක් බවට පත් කිරීමටයි" යනුවෙන් විධායක කමිටුවේ ප්‍රධානියා වූ 36 හැවිරිදි Shingo Kimura මෙහිදී උත්සවය පිලිබදව අදහස් දක්වමින් පැවැසීය.