Saki Kakehashi නම් 26 හැවිරිදි ඇගේ තුන් හැවිරිදි දියණිය සතියක කාලයක් පුරාවට නිවසේ තනිකර තම හිටපු පෙම්වතා සමග විනෝද චාරිකාවක් ගොස් එන විට දී තුන් හැවිරිදි ඇයගේ දියණිය මරණයට පත්වී සිටි පුවතක් 2020 දී වාර්තා විය.
පසුගිය බ්‍රහස්පතින්දා ඇය සම්බන්ධ නඩුව ප්‍රථම වරට විචාරීම ආරම්භ කළ අතර එහිදී ඇය පවසා සිටියේ දියණියට අවශ්‍ය සියලුම කෑම වර්ග නිවසේ රැස්කර ඇයට මුළුතැන්ගෙයට වත් යාමට නොහැකි වන පරිදි බාධක දමා ඇය පිටව ගිය බවයි .එනමුත් ඇය මෙලෙස මරණයට පත්වේ යැයි ඇය කිසි ලෙසකින් වත් නොසිතූ බව ඇය පාපොච්චාරණය කර ඇත.
නැවත පැමිණීමෙන් පසුව 2020 ජූනි 13 වෙනි දින දියණිය සිහිසුන්ව සිටි බව දැක ඇය 119 අමතා ඇයව රෝහල් ගත කර තිබිණි. පසුව කුඩා දැරිය අධික කුසගින්න සහ විජලනය හේතුවෙන් රෝහලේ දී මරණයට පත් වී ඇති අතර ඇයගේ කුස හිස්ව තිබූ බව රෝහල් ආරංචිමාර්ග පවසා තිබේ .
සතියක් පුරාවට ඇයගේ ඩය පරය ද මාරු නොකිරීම නිසා ඇයගේ යටි කය ප්‍රදේශයේ අසාත්මිකතාවක් ද ඇති වී තිබූ බව තවදුරටත් වෛද්‍යවරුන් පවසා තිබේ.
Kakehashi තම දියණියව වසරක් පුරාවටම දිවා සුරැකුම් මධ්‍යස්ථානයට යොමු කර නොතිබූ අතර 2016 දී ඇගේ සැමියාගෙන් දික්කසාද වීමත් සමඟ ඔවුන්ට අයත් නිවසේ ඇය දියණිය සමඟ තනිව වාසය කර තිබිණි. Saki Kakehashi නම් චූදිත කාන්තාව විසින් තවදුරටත් ප්‍රකාශ කර තිබුනේ ඇය මින් පෙර අවස්ථාවලදී ද මෙම කුඩා දියණිය ව තනිවම නිවස තුළ රඳවා යහළුවන් සමග රාත්‍රී සමාජ ශාලා වැනි ස්ථානවලට ගොස් ඇති බවයි.