ටෝකියෝ විශ්ව විද්‍යාල 2ක් ඒකාබද්ධ කිරීමේ සාකච්ඡාවක්


ජපානය ටෝකියෝ නුවර පිහිටි විශ්ව විද්‍යාල දෙකක් ඒකාබද්ධ කිරීමේ සාකච්ඡා පවත්වයි

.

ලොව පුරා විශ්ව විද්‍යාල අතර තීව්‍ර වන තරඟය මධ්‍යයේ ටෝකියෝ තාක්ෂණ ආයතනය සහ ටෝකියෝ වෛද්‍ය හා දන්ත වෛද්‍ය විශ්ව විද්‍යාලය අඟහරුවාදා ප්‍රකාශ කර සිටියේ පාසල් දෙක ඒකාබද්ධ කිරීමක් ගැන සාකච්ඡා කිරීමට පටන් ගන්නා බවටයි. මෙම ආයතනය යෙන් ට්‍රිලියන 10ක රජයේ අරමුදලක් සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අතරම එය ජපානයේ විද්‍යාව හා තාක්‍ෂණය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා වේ.

 

විශ්ව විද්‍යාල දෙක කළමනාකරණය කිරීම සඳහා මෙහෙයුම් සංස්ථාවක් ගොඩනඟන්නේද නැතහොත් සම්පූර්ණයෙන්ම නව පාසලක් නිර්මාණය කරන්නේද යන්න පිළිබඳව ආයතන දෙක තවමත් තීරණය කර නොමැති බව මේ ආරංචි මාර්ග පවසා ඇත.

Comments