රුසියාව ඉරාන චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි.


Soyuz රොකට්ටුව අඟහරුවාදා නියමිත වෙලාවට කක්ෂගත වෙයි

.

Soyuz රොකට්ටුව (GMT 0552) නියමිත පරිදි මොස්කව් වේලාවෙන් පෙරවරු 8:52 ට අඟහරුවාදා ගුවන් ගත වී ඇත. ඒ රුසියාව විසින් බදු දී ඇති Kazakhstan හි Baikonur දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ය. දියත් කර මිනිත්තු නවයකට පමණ පසු එය ඛයියාම් නම් ඉරාන චන්ද්‍රිකාව කක්ෂගත කර ඇත. 

 

එය 11 වන සහ 12 වන සියවස්වල ජීවත් වූ පර්සියානු විද්‍යාඥයෙකු වූ ඕමාර් ඛයියාම්ගේ නමින් නම් කර ඇත. අධි-විභේදන කැමරාවක් සවිකර ඇති චන්ද්‍රිකාව පරිසර නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නා බවත් එය සම්පූර්ණයෙන්ම තම පාලනය යටතේ පවතිනු ඇති බවත් ඉරානය පවසා ඇත.

 

ටෙහෙරානය කියා සිටියේ වෙනත් කිසිදු රටකට තමන් රැස් කරන තොරතුරු සඳහා ප්‍රවේශය නොමැති බවත් එය සිවිල් අරමුණු සඳහා පමණක් භාවිතා කරන බවත්ය. නමුත් රුසියාව විසින් එහි හමුදා ක්‍රියාමාර්ග සඳහා යුක්‍රේනයේ නිරීක්ෂණන්ට එය භාවිතා කළ හැකි බවට චෝදනා එල්ල වී ඇති බවට ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේය.

88 Views

Comments