ජපානයේ දෛනික COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව  250,000 සීමාව ඉක්මවා යයි


ජපානය දිගින් දිගටම කොරෝනා ආසාදිතයන් වාර්තා කරයි

.

බදාදා දිනය තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදු කරන ලද COVID-19 වෛරසය සදහා වූ පරීක්ෂණ මගින් රට තුළ COVID-19 වෛරසය ආසාධිතව සිටින දෛනික රෝගීන්ගේ සංඛ්‍යාව 250,403 ක් ලෙස වාර්තාගත ඉහළම අගයකට ළගාවී ඇති බවට සොයාගෙන තිබූ අතර, උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ වෙත එල්ලවී තිබෙන දැඩි පිඩනය පිළිබඳ නව උත්සුකයන් මධ්‍යයේ අගමැති Fumio Kishida ගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය වසංගතයේ හත්වන රැල්ල ජය ගැනිමේ අභියෝගයට මුහුණ දී සිටී. 

 

"ප්‍රමාදයකින් තොරව COVID-19 සමඟ ජීවිතයක් සාක්ෂාත් කර ගැනීම සඳහා අපි නව අදියරකට ගමන් කරන්නෙමු " යනුවෙන් කැබිනට් මණ්ඩලයේ නව පෙළගැස්ම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බදාදා දින පැවැති මාධ්‍ය හමුවකදී Kishida ප්‍රකාශ කළේය. 

 

එමෙන්ම පසුගිය ජුනි මාසයේ සිට COVID-19 වෛරසය ආසාදිත බවට තහවුරු කර ගනු ලබන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පැවැති අතර ජූලි මස මැද භාගය වනවිට එම සංඛ්‍යාව සතියකට පෙර මෙන් දෙගුණයකටත් වඩා වැඩි වීම සිදු විය. මෙනිසා දෛනිකව රටට අහිමිවන පුද්ගලයින් සංඛ්‍යාව සහ දරුණු තත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

96 Views

Comments