ජනප්‍රිය ඇනිම් කතා මාලාවක් වන "Lupin the Third" හි Daisuke Jigen චරිතයට කටහඬ දීම සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ජපන් හඬ නළු Kiyoshi Kobayashi, ජූලි 30 වන දින නියුමෝනියාවෙන් මිය ගොස් ඇත. මිය යන විට ඔහු 89 වන වියේ පසුවිය. සමීප ඥාතීන් සඳහා අවමංගල්‍යය උත්සවයක් පවත්වා ඇත.
කොබයාෂි වේදිකා නළුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇත. විදේශීය රූපවාහිනී නාට්‍ය සඳහා හඬ කැවීම් සහ පරිවර්තන වැඩ කිරීමෙන් පසු ඔහු ඇනිමේෂන් හඬ නළුවෙකු ලෙස ජනප්‍රිය වී ඇත.
ඔහු Daisuke Jigen වෙනුවෙන් දශක පහකට වැඩි කාලයක් කටහඬ සැපයූ අතර, 1971 දී Lupine the Third කතා මාලාවේ මංගල දර්ශනයෙන් ඔහුගේ ආරම්භය සිදුවී ඇත. ඔහු "Humanoid Monster Bem" නම් සජීවීකරණයේ ප්‍රධාන චරිතයට හඬ දීම සම්බන්ධයෙන් ද ප්‍රසිද්ධිය උසුලා ඇත.