ගෝලීය සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීම සඳහා මූලිකත්වය ගත් ජපානය


ලෝක සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනයට ජපානය ආධාර සැපයීමට සූදානමින්

.

ලොකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල අත්‍යාවශ්‍ය මූලික සේවාවක් බවට පත්ව තිබෙන සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඔවුන්ට සහාය වීමේ අරමුණින් නව උපකාරක සංවිධානයක් පිහිටුවීමට ජපාන රජය ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එකඟ වී ඇති බව විදේශ අමාත්‍යාංශය සම්බන්ධ සමීප මුලාශ්‍ර පසුගියදා ප්‍රකාශ කළේය .

 

ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus අතර මැයි මාසයේ පැවැති දුරකථන සාකච්ඡාවකදී මෙම ආයතනය ජපානයේ පිහිටුවීමට නායකයින් දෙදෙනාම එකඟ වී තිබූ අතර එය බටහිර ජපානයේ Hiroshima නගරයේ පැවැත්වීමට නියමිත මීළඟ ජාතීන් හතේ කණ්ඩායමේ සමුළු රැස්වීමට සමගාමීව දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

 

නව සංවිධානය මඟින් විශ්වීය සෞඛ්‍ය ආවරණය පිළිබඳව සහ COVID-19 වෛරසය ඇතුළු බෝවන රෝග පැතිරීම වැළැක්වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මෙන්ම ඒ සඳහා අවශ්‍ය පරාසය ගොඩනැඟීම සිදු කරනු ලබන අතර ජපානයේ ජාතික සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රමවේදය දිගු ආයු අපේක්ෂාවකට තුඩු දී ඇති බැවින්, එම සාර්ථකත්වය WHO හි නව ආයතනය සඳහා ප්‍රයෝජනයට ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

114 Views

Comments