මධ්‍යම ජපානයට ගෙවනු ලබන ' නගර බදු' වෙනුවෙන් හිමිවන විශේෂ ත්‍යාගය


මධ්‍යම ජපානයට ගෙවනු ලබන බදු වෙනුවෙන් අමුතුම ආකාරයේ ත්‍යාගයක් හිමිවේ

.

මධ්‍යම ජපානයේ Mie ප්‍රාන්තය තුළ හරක් මස් සඳහා සුප්‍රසිද්ධව සිටින Matsusaka නගර රජය විසින් අගෝස්තු 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බදු ගෙවන්නන් වෙනුවෙන් ලබා දෙන "නගර බදු" වැඩසටහන යටතේ ආපසු ලබා දෙන බදු සහන සහ තෑගි සදහා වන ලැයිස්තුවට සම්පූර්ණ wagyu ගවයෙකුගේ මස් පර්සලයක් එක් කර තිබේ. 

 

මෙහිදී යෙන් මිලියන 15ක් හෝ ඊට වඩා වැඩි මුදලක් නගරයට පරිත්‍යාග කරන පුද්ගලයින් හට , දුර්ලභ කොටස් ඇතුළුව සම්පූර්ණ ගව හිසක සිදු කරන ලද විවිධ වර්ගයේ කැපුම් 20කට පමණ අයත් මාංශ කොටස් ලබා ගත හැකි වන අතර, එහි මුළු බර කිලෝග්‍රෑම් 213කට වඩා වැඩි බව පැවැසේ. 

 

නගරය තුළ තමන්ගේම ගව රංචුවක් පවත්වාගෙන යනු ලබන Marunaka Honten මස් වෙළෙඳසල විසින් මේ සදහා අවශ්‍ය ගව මස් නගර රජය වෙත සපයනු ලබන අතර Matsusaka නගරාධිපති Masato Takegami මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ "මුළු ගව හිසක් ප්‍රවෘත්තිය අල්ලා ගනී. එය ගෝලීය වෙළඳ නාමයක් වන Matsusaka හි හරක් මස් ලොව පුරා ප්‍රසිද්ධ කිරීමට හොඳම අවස්ථාවයි" යනුවෙනි. 

 

"Furusato Choice" වෙබ් අඩවිය වෙත https://www.furusato-tax.jp/donationtojapan/en/) සබැඳිය ඔස්සේ සහ නගරයේ විශේෂ වෙබ් අඩවිය වෙත https://furusato-matsusaka.jp සබැඳිය ඔස්සේ ජපන් භාෂාවෙන් පිවිසීමෙන් ඔබට අවශ්‍ය පරිත්‍යාගය සිදු කිරීමට හැකි වන අතර වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා ජපන් භාෂාවෙන් 0598-53-4129 යන දුරකථන අංකය ඇමතීමෙන් දේශීය සන්නාම අංශය සම්බන්ධ කර හැකි වේ.

Comments