දැඩි නියඟය මධ්‍යයේ පැතිර යන ලැව්ගින්න යුරෝපය අවුලුවාලයි


යුරෝපයේ ලැව්ගිනි තවත් උග්‍ර වේ

.

දිනෙන් දින ඉහළ යමින් පවතින දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය හේතුවෙන් මේ වනවිට යුරෝපීය කලාපයට බලපා ඇති දිගු කාලීන නියං තත්ත්වය හමුවේ ගොවීන් සහ ස්වභාවික පරිසර පද්ධතිය අති විශාල තර්ජනයකට ලක්ව ඇති අතර පැතිර යන දැඩි තාප තරංග මධ්‍යයේ ප්‍රංශයේ පයින් වනාන්තරයක් මුලුමනින්ම ලැව් ගින්නකට ගොදුරු වී ඇති බව වාර්තා වේ. 

 

යුරෝපය පුරා ගිනි නිවන භටයින් බ්‍රහස්පතින්දා දිනය පුරාවටම ගින්න මැඩපැවැත්වීමට අරගල කළ නමුත් වියළි සුලං පහර හමුවේ වනාන්තරය හරහා එක රැයකින් ඇවිලී ගිය ගිනිදැල් නිවීම අතිශයින් අපහසු කාර්යයක් බවට පත්විය. අඟහරුවාදා සිට වනාන්තරයේ වර්ග කිලෝමීටර් 68 කට වැඩි ප්‍රමාණයක්  සහ අවම වශයෙන් නිවාස 16ක් ගිනිදැල් හේතුවෙන් විනාශව ගොස් ඇති අතර Gironde ප්‍රදේශයේ සහ අසල්වැසි Landes ප්‍රදේශයේ පුද්ගලයන් 10,000ක් පමණ ඉවත් කිරීමට එරට රජය විසින් පියවර ගෙන තිබේ. 

 

යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය කලාපය තුළ සැපයුම් හිඟයක් ඇතිකිරීමට මෙන්ම උද්ධමනය ඉහළ යාමට ද හේතු වී ඇති අවස්ථාවක දිගු කාලීන නියඟය හේතුවෙන් කලාපය තුළ කෘෂිකාර්මික නිෂ්පාදන සහ අනෙකුත් ආහාර සැපයුමද අඩාල වී ඇති බව පැවැසේ. 

 

"එමෙන්ම අතිශය උණුසුම් කාළගුණ නිසාවෙන් ජර්මනිය සහ පෝලන්තය අතරින් උතුරින් බෝල්ටික් මුහුදට ගලා බසින Oder ගංගාවේ ජල මට්ටම විශාල ලෙස අඩුවී ඇති බවත් කර්මාන්තයක් මගින් ජලයට මුදා හරින ලද විෂ සහිත රසායනිකය ද්‍රව්‍යයක් ගංගාවේ අඩු ජල ප්‍රමාණය තුළ අධි සාන්ද්‍ර ලෙස දියවීම හේතුවෙන් ගහනයේ සිටි මසුන් වැඩි පිරිසක් මරණය පත්ව ඇති බවත් "WWF Poland හි සංරක්ෂණ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ Piotr Nieznanski කියා සිටියේය.

97 Views

Comments