COVID-19 වෛරසයට ගොදුරු වූ ජපාන අමාත්‍යවරයා


ජපාන කෘෂිකර්ම අමාත්‍යවරයා covid වෛරසයට ගොදුරු වේ

.

ජපානයේ කෘෂිකර්ම අමාත්‍ය Tetsuro Nomura COVID-19 වෛරසය ආසාදිත ද නැතිද යන්න හදුනා ගැනීම සදහා සිදු කරන ලද පරීක්ෂාවේදී, තහවුරු කරන ලද ධනාත්මක ප්‍රතිඵලයක් පෙන්නුම් කළ බව එතුමාගේ අමාත්‍යාංශය සිකුරාදා නිවේදනය කළේය. 

 

පසුගිය බදාදා දින පැවති අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඔහු විසින් නව තනතුරේ රාජකාරී කටයුතු භාර ගත් අතර COVID-19 එන්නතෙහි සිව්වන මාත්‍රාව ලබා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමට දිනකට පෙර සිදු කරන ලද මෙම පරීක්ෂාවේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව සොයා ගැනිණි. සැලකිය යුතු රෝග ලක්ෂණ කිසිවක් තවමත් ඔහුගෙන් දක්නට නොලැබුණු බැවින් සුව වන තුරු සතියක් පමණ හුදෙකලාව නිවසේ සිට වැඩ කරනු ඇති බව කෘෂිකර්ම, වන හා ධීවර අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් වැඩිදුරටත් පැවසීය.

 

එමෙන්ම ඔහු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් හඳුනා ගැනීමට සදහා සෞඛ්‍ය බලධාරීන් මේ වනවිටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

103 Views

Comments