නොසැලකිලිමත් භාවය හේතුවෙන් නඩු ලේඛන අහිමි කරගත් පොලිස් නිලධාරියා


ජපාන පොලිස් නිලධාරියෙකු ඔහුට පවරා තිබූ නඩු ලේඛන අහිමි කරගනී

.

පසුගිය සිකුරාදා දින රාත්‍රී 8.30 ට පමණ බටහිර ජපානයේ Nishinomiya හි පිහිටා ඇති ජපන් විලාසිතාවට අයත් Izakaya මත්පැන් හලක් වෙත තම යටත් සේවකයන් දෙදෙනකු සමඟ ගොස් බියර් සහ ෂෝචු වැනි පෙරන ලද මත්පැන් ඇතුළු බීම වර්ග හතක් පමණ පානය කළ පොලිස් විමර්ශන නිලධාරියෙකු එදින රාත්‍රී 11 ට පමණ නැවත සිය නිවෙස බලා එමින් සිටියදී අධික බීමත් භාවය සහ මද සිහි විකල් භාවය හේතුවෙන් වීදියක නිදාගෙන ඇති අතර පසුදින අලුයම 5 ට පමණ ඔහු අවදි වන විට, ඔහු ලේඛන රැගෙන යාමට භාවිතා කළ බෑගය ඔහු සතුව නොමැති බව තහවුරු කර ගෙන තිබේ. 

 

අපරාධ සැකකරුවන්ගේ සහ ඔහු වැඩ කරමින් සිටි වෙනත් නඩුවකට සම්බන්ධ පුද්ගලයන් 400 දෙනෙකුගේ උපන් දිනය, නිවසේ ලිපිනය සහ සේවා ස්ථානය වැනි පෞද්ගලික තොරතුරු අඩංගු වන ලියකියවිලි රාශියක් මෙහි තිබී ඇති නමුත් එම ද්‍රව්‍ය මෙතෙක් අවභාවිත කළ බවට කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බව පොලිසිය මෙහිදී සඳහන් කළේය. 

 

සාමන්‍යයෙන් ජපාන පොලිස් නිලධාරීන්ට විමර්ශන ද්‍රව්‍ය අනවසරයෙන් තම සේවා ස්ථානයෙන් පිටතට රැගෙන යාම තහනම් වන බවත් 49 හැවිරිදි විමර්ශනය නිලධාරියා තම සේවා ස්ථානයට ලිපි ලේඛන ආපසු නොදී මත්පැන් පානය සදහා කෙලින්ම බාර් එකට ගොස් ඇති බවත් පැවැසේ.

144 Views

Comments