තිරිඟු මිල පාලනය කරන ලෙස කිෂිඩා රජයට උපදෙස් දෙයි.


උද්ධමනය මධ්‍යයේ ද තිරිඟු මිල පාලනයට අගමැති තුමා උපදෙස් දේ

.

ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ විසින් ආනයනික තිරිඟු, දේශීය පිටි මෝල් වෙත අලෙවි කරන මිල දැනට පවතින මට්ටමේ තබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇත. මිල හා වැටුප් පිළිබඳ රජයේ කාර්ය සාධක බලකායේ රැස්වීමකදී මෙලෙස කිෂිඩා උපදෙස් දී ඇත.

 

ආනයනික තිරිඟු ඔක්තෝම්බර් මාසයේ සිට සියයට 20කින් පමණ මිල අධික වනු ඇතැයි ඔහු පවසා ඇත. වසර 14කට පසු තිරිඟු මිල පාලනය කිරීමට රජය පියවර ගන්නා පළමු අවස්ථාව මෙයයි. ආර්ථිකය නිරන්තරයෙන් වෙනස් වන බැවින් රජය පූර්වාදර්ශවලට නොගොස් නිර්භීත හා බාධාවකින් තොරව පියවර ගන්නා බව ද ඔහු වැඩි දුරටත් පවසා ඇත.

91 Views

Comments