ජපානය තුල නාගරික අධිකාරීන් කීපයකින්ම එරට වයස අවුරුදු 65ට ඉහළ පුද්ගලයන් pfizer මත ලබා ගැනීමේ මැලිකමක් දක්වන බව වාර්තා වී ඇත.
ජපානය තුළ ඉතා සීඝ්රයෙන් පැතිරෙන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ජපාන වැසියන්ට තුන්වන එන්නත් මාත්‍රාව ලෙස booster එන්නත ලබා ගැනීම ජපන් රජය විසින් නිර්දේශ කරන ලදී. එහෙත් එම එන්නත් ලබා දෙන ස්ථානවලින් ලැබෙන තොරතුරු අනුව පළමු හා දෙවන එන්නත් ලබා දීමේදී තිබූ කාර්යබහුල බව තුන් වන මාත්‍රාව ලබා දීමේදී නොමැතිබව සනාථ වී ඇත .මීට ප්‍රධානම හේතුවක් ලෙස සැලකෙන්නේ අපේක්ෂා කල තරම් පිරිසක් විශේෂයෙන්ම වයස අවුරුදු 65 ට වැඩි වයස්ගත පුද්ගලයන් මෙය ලබා ගැනීම සම්බන්ධව මැලිකමක් දැක්වීම බව අනුමාන කෙරේ.