මෑත කාලීනව ඩොල්ෆින් ප්‍රහාර වැලකට ගොදුරු වූ ජපාන වෙරළ තීරය


මෑත කාලිනව ජපානයේ බොහෝ ඩොල්ෆින් පහරදීම් වාර්තා වෙයි

.

සමුද්‍ර ක්ෂීරපායින් ප්‍රාදේශීය වෙරළාසන්න භූමියෙන් ඈත් කර තබා ගැනීම සඳහා Fukui ප්‍රාන්ත නගරය විසින් ගනු ලබන උත්සාහයන් නොතකා, පසුගිය අගෝස්තු 13 වන දින Takasu මුහුදු ප්‍රදේශය අවට පිහිනමින් සිටි කිමිදුම්කරුවන් කිහිපදෙනෙකු නවතම ඩොල්ෆින් ප්‍රහාරයකට ගොදුරුව තිබූ අතර, ප්‍රාන්ත පොලිසියට අනුව, ජූලි 24 සහ අගෝස්තු 12 යන කාලසීමාව අතරතුරදී නගරයේ Koshino වෙරළ තීරය සහ Takasu වෙරළ තීරය ඇතුළු වෙරළ තීරයන් තුනකදී මෙවැනිම ඩොල්ෆින් ප්‍රහාර 17 ක් සිදු වී තිබේ .  

 

මෙහිදී එල්ල වූ ප්‍රහාර වලින් බොහෝමයක් වෙරළේ සිට මීටර් 10 ක ප්‍රදේශයක් තුළ සිදුවූ නමුත් ඔවුන්ට ජලයේ මායිම දක්වා පැමිණිය හැකි බව පැවැසේ. ඩොල්ෆින් මත්ස්‍යයන් විසින් සිදු කරන ලද පළමු ප්‍රහාරයත් සමඟ Fukui නගර රජය විසින් දිය යට අතිධ්වනි සංඛ්‍යාත සහිත ශබ්ද විමෝචක ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබූ බැවින් ටික කලකට මිනිසුන් ස්නානය කරන ස්ථානවලින් සතුන් ඈත් වී සිටි නමුත් මෙවර ප්‍රහාරයේදී ඩොල්ෆින් මත්ස්‍යයා විසින් මිනිසා සපා කෑමෙන් පසු ඔහුව වතුර යටට තල්ලු කිරීමට උත්සාහ කර ඇති බව පැවැසේ. 

 

එල්ල වූ ප්‍රහාරවල භෞතික ලක්ෂණ මත පදනම්ව Fukui ප්‍රාන්තයේ Sakai හි Echizen Matsushima මින්මැදුර කියා සිටියේ "මෙහි සියලු ප්‍රහාර පිටුපස ඉන්දු පැසිෆික් බෝතල් නාසයක් සහිත ඩොල්ෆින් මත්ස්‍යයෙකු සිටින බවට සැකකෙරෙන බවත් වැඩිහිටි ඩොල්ෆින් මත්ස්‍යයන් සාමාන්‍යයෙන් දිගින් මීටර් 2ක් පමණ සහ බරින් කිලෝග්‍රෑම් 200ක් පමණ වන බවත්ය." 

 

" මම ප්‍රවෘත්තිවල ඩොල්ෆින් ගැන අසා තිබුණා. එනිසා ඔවුන් දුටුවහොත් වහාම වතුරෙන් ගොඩඒමට මම බලාපොරොත්තු වුණා. නමුත් මම ඩොල්ෆින් දකින විටත් ඔහු මා අසලම සිටියා.මම බොහෝසෙයින් කලබල වුණා. නමුත් අසල සිටි කෙනෙක් ඌ එළවා දැමූ විට මම බේරුණා" යනුවෙන් මෙහිදී ප්‍රහාරයට ලක්ව දිවි බේරාගත් 60 හැවිරිදි Sabe ප්‍රාන්තයේ පුද්ගලයෙකු කියා සිටියේය.

103 Views

Comments