Sapporo හි පිහිටා ඇති මහල් නිවාසයකදී පසුගිය සෙනසුරාදා දින උදෑසන7 ට පමණ තම 85 හැවිරිදි සැමියා වන Isao ගේ බඩට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් වින්දිතයාගේ බිරිඳ බවට පැවසෙන Michiyo Nishimura නම් 81 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එදිනම පෙරවරු 11.20 ට පමණ මෙම කාන්තාව විසින් 110 අමතා " මම සැමියාගේ බඩට පිහියෙන් ඇන්නා" යනුවෙන් පැවැසූ බවත් මෙහිදී පහරකෑමට ලක්වූ ඇයගේ සැමියා එම ස්ථානයේදීම මියගොස් සිටි බවත් පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට පත්වූ Nishimura මරණය සම්බන්ධයෙන් කියා සිටියේ "තමන් විසින් සිදුකළ සැමියාගේ ඝාතනය පිළිබඳව තමා කණගාටු නොවන බවයි " . කෙසේ නමුත්, ඇය සහ ඇගේ සැමියා අතර පැවැති ගැටළු මොනවාද යන්න පිළිබඳව තවදුරටත් ඇයගෙන් ප්රශ්න කරන බව නිලධාරීන් මෙහිදී කියා සිටියහ.