බීමත්කම හේතුවෙන් දරුවන් තිදෙනෙකු නිවසේ දමා ගිය මවක් අත්අඩංගුවට ගැනේ


තම දරුවන් නිවස තුළ දමා මත්පැන් පානයට ගිය මවක් අත්අඩංගුවට ගනියි

.

පැය හයක කාලයක් පුරාවට තම කුඩා දරුවන් තිදෙනා නිවසේ තනිවම තබා මත්පැන් පානය කිරීම සඳහා පිටව ගිය බවට පැවසෙන Hokkaido ප්‍රාන්තයේ Kushiro හි පදිංචිව සිටි 21 හැවිරිදි Emiri Watanabe නම් රැකියා විරහිත කාන්තාවක, දරුවන් කෙරෙහි දෙමාපියන්ගේ නොසැලකිලිමත් භාවය යන චෝදනාව යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් වාර්තා වලට අනුව, තනිකඩ මවක් වන ඇය ඉරිදා අලුයම 2.30 ත් 8.20 ත් අතර කාලය තුළ ඇගේ සිව් හැවිරිදි දියණිය, මාස දෙකක් සහ අටක් වන පුතුන් දෙදෙනා මෙලෙස නිවසේ දමා ගොස් ඇති අතර වැඩිමහල් දරුවා හඬමින් නිවසේ එළිමහන් ප්‍රදේශය තුළ ඉබාගාතේ යන අයුරු දුටු අසල්වැසියෙක් 110ට අමතා මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. 

 

දරුවන්ට කිසිදු හානියක් සිදුවී නොමැති නමුත් අදාළ කාන්තාව නැවත නිවසට පැමිණි පසු පොලිස් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කළ අතර "තමන් මිතුරන් සමඟ මත්පැන් පානය කිරීමට ගිය බවත්, පිටත්ව යන විට දරුවන් නිදා සිටි නිසා ඔවුන් හොඳින් සිටිනු ඇතැයි තමන් සිතූ බවත්" ඇය පොලිසියට පවසා තිබේ.

101 Views

Comments