ජපන් යූ ටියුබර් සමූහයේ නායකයා වන Tetsuya සහ තමන් එකිනෙකා සමඟ විවාහ ගිවිසගත් බව අගෝස්තු 16 වන දින සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් All-Girl J-pop group AKB48 හි හිටපු සාමාජිකාවක් වන Minami Minegishi හෙළි කළාය.
"Tetsuya යනු මා කඩා වැටුණු සෑම විටකම මා අසලින් සිටිමින් මා දිරිමත් කල පුද්ගලයාය. ඔහු සෑමවිටම මට ඉදිරිය දෙස බැලීමට උපකාර කරන්නෙකි. ඔහු හමුවීමෙන් පසු, මම සෑම උදෑසනකම ඔහු නැඟිටින තෙක් බලා සිටියෙමි, එලෙස දින ගෙවී යද්දී, මට ඔහු සමඟ සදහටම සිටීමට අවශ්‍ය බව මට සිතුනි" යනුවෙන් ඇය සිය සටහනේ දක්වා තිබිණි.
Minegishi 2005 සිට 2021 දක්වා වූ කාලය තුළ AKB48 හි ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කළ අතර පසුගිය වසරේ සතිපතා සඟරාවක් විසින් ඇය 28 හැවිරිදි Tetsuya සමඟ සබඳතාවක් පවත්වන බවට මුල් වරට හෙළි කළ අතර දැන් එය යථාර්ථයක් බවට පත්ව තිබේ .