ජපානයේ වෙසෙන සියලුම කාන්තාවන්ට HPV එන්නත නැවතත් නොමිලේ ලබා දීමට යයි


ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ජපානයේ වෙසෙන සියලුම කාන්තාවන්ට HPV එන්නත නැවතත් නොමිලේ..

.

ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ජපානයේ වෙසෙන සියලුම කාන්තාවන්ට HPV එන්නත නැවතත් නොමිලේ ලබාදීමට තීරණය කර ඇතැයි සැලවේ. පාසල් 6 ශ්‍රේණිය සිට විශ්ව විද්‍යාල පළමු වසර දක්වා සිටින සියලු ගැහැණු දරුවන් හට මෙම එන්නත පෙරදී නොමිලේ ලබා දී තිබුණි.

නමුත් 2013 වසරේ ජූනි මාසයේදී ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම එන්නත නොමිලේ ලබා දීම නවතා දමන ලදී. ඒ අනුව මෙම නව තීරණය සමගින් මෙකී වයස් කාණ්ඩයේ සිටින සියලුම ගැහැණු දරුවන් හට මෙම එන්නත නැවතත් නොමිලයේ ලබාදීමට රජය තීරණය කර ඇති අතර 1997 සිට 2005 තෙක් ඉපදුන මෙම එන්නත ලබා ගනීම මගහැරුණු හැම දරුවන් සියළු දෙනා හට මෙය නැවත නොමිලේ ලබාගත හැකිය. දේශීය මෙන්ම ජපානයේ වෙසෙන විදේශීය ගැහැණු දරුවන් හටද මෙය නොමිලේ ලබා ගත හැකි බව සඳහන් වේ. තහනම් කරන ලද කාලයේදී සිය මුදල් වලින් මෙම එන්නත ලබාගත් කාන්තාවන්ට එය නැවත පියවීමට ද ජපාන රජය ද සලසා ඇත.

273 Views

Comments