2020 වසරේ දැරියක් හා කාමභෝගී උත්සවයකට සහභාගී වීමෙන් ළමා සුභසාධන පනත උල්ලංඝණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් නව දෙනෙකු පිළිබඳව කනගාව ප්‍රාන්ත පොලිසිය රජයේ අභිචෝදක කාර්යාලයට ලිපි යවා ඇත.
චෝදනාවලට අනුව 2020 ජුනි මාසයේදී ටෝකියෝ හෝටලයක පැවති සරාගී සාදයක් අතරතුර මෙම පිරිමින් උසස් පාසල් සිසුවියක් සමඟ ලිංගික ක්‍රියාවල නිරත වූ බව වාර්තා කර ඇත. මෙම වරදකරුවන් අතර භූමි ස්වයං ආරක්ෂක බලකායේ (ජීඑස්ඩීඑෆ්) සාමාජිකයෙකු, වෛද්‍යවරයකු, බෞද්ධ පූජකයෙකු සහ ගුරුවරයෙකු ඇතුළත් වේ.
ඇය බාලවයස්කාර දැරියක් බව පිරිමින් දැන සිටි බවට පොලිසිය චෝදනා කරයි. එලෙසම තවත් කාන්තාවන් ද එහි සිටි බව පොලිසිය පවසා ඇත.