ආර්ථිකය නඟා සිටුවීමේ අරමුණින් කොවිඩ් දේශසීමා ලිහිල් කිරීමෙන් පසු අඛණ්ඩව සිව්වන මාසය සඳහා ජූලි මාසයේදී ජපානයට පැමිණි විදේශිකයන් සංඛ්‍යාව 100,000 ඉක්මවා ඇති බව නිල දත්ත පෙන්වා දි ඇත.
පසුගිය මාසයේ 144,500ක් වූ විදේශික පැමිණීම් 2021 ජූලි මාසයට වඩා 2.8 ගුණයකින් වැඩි වී ඇත. නමුත් එය 2019 පූර්ව වසංගත වර්ෂයේ එම මාසයේ සිට සියයට 95.2 ක පහත වැටීමක් නියෝජනය කළ බව ජපාන ජාතික සංචාරක සංවිධානය පවසා ඇත.
ජූනි මාසයේදී ජපානය කුඩා පරිමාණ සංචාර සඳහා එහි දොරටු විවෘත කළ අතර, ඊළඟ මාසයේ රටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 7,903ක් ලෙස අඩු මට්ටමක පැවත ඇත. ඍණාත්මක කොරෝනා වයිරස් පරීක්ෂණ ප්‍රතිඵලයක් අවශ්‍ය වීම සහ වීසා බලපත්‍රයක් ලබා ගැනීම වැනි ජාතියට පැමිණීමට අවශ්‍ය සංකීර්ණ ක්‍රියා පටිපාටින් අඩු සංචාර සංඛ්‍යාවට හේතු වන බව විශ්වාස කෙරේ.