කොවිඩ් පැතිරීම හේතුවෙන් ජපාන විදේශ අමාත්‍යාංශය ජපන් රජයට කරන ලද යෝජනාවක් අනුව යොදනලද ජපාන සංචාරක සීමා ඉවත් කර නැවතත් ජපානය ඇතුළු වීමට ඉඩ සලසා දෙන ලෙස අන්තර්ජාතික ප්‍රජාව නැවතත් ජපානයට බල කර සිටින බව වාර්තා වේ.
පසුගිය සිකුරාදා දින ලොවපුරා රටවල් කිහිපයක ජපාන තානාපති කාර්යාල ඉදිරියේ මෙකී නිහඬ විරෝධතා නැවත වතාවක් ක්‍රියාත්මක කර තිබුණි. බංග්ලාදේශය, ජර්මනිය සහ ස්පාඤ්ඤ ඇතුළු රටවල් අටක මෙම විරෝධතා ක්‍රියාත්මක කර තිබුණේ ව්‍යාපාරික ආයෝජන අවස්ථා සඳහා ජපානයට ඇතුළු වීමට ඉල්ලුම් කරන ලද පුද්ගලයින් සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජපානය ඇතුළු වීමට සිටි ශිෂ්‍යයන් බව වාර්තා වේ.