ජපානයේ ඖෂධ නිෂ්පාදකයෙකු පවසන්නේ තම කොරෝනා වයිරස් ඖෂධය සාමාන්‍ය වෙළඳපල මාර්ග හරහා බෙදා හැරීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. එක්සත් ජනපද ඖෂධ සමාගමක් වන මර්ක් හි ජපන් හස්තය වන MSD ප්‍රකාශ කර ඇත්තේ නව ක්‍රමය මගින් වෛද්‍ය පහසුකම් සහ ඔසුසැල් සඳහා අවශ්‍ය ප්‍රමාණයේ ලැගෙව්රියෝ නම් මෙම ඖෂධය ලබා ගැනීමට පහසු වනු ඇති බවයි.
සැපයුම සීමා සහිත බැවින් ලියාපදිංචි ආයතන වෙත molnupiravir ලෙසින්ද හඳුන්වන ඖෂධය බෙදා හැරීම දැනට රජය කටයුතු කර ඇති නමුත් MSD පවසන්නේ ස්ථාවර සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමාණවත් නිෂ්පාදන ධාරිතාවක් සූදානම් කර ඇති බවයි. එමෙන්ම MSD පවසා ඇත්තේ රජය එම පිරිවැය ආවරණය කරන බැවින් රෝගීන් ඖෂධ සඳහා කිසිවක් ගෙවීමට අවශ්‍ය නොවන බවයි.