ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ඉස්ලාමීය සටන්කාමීයා


Shafee Elsheikh හට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වේ

.

සිරියාවේදී එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය සහ ජපන් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ඝාතනය කිරීම ඇතුළු අපරාධ කීපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඉස්ලාමීය රාජ්‍ය සටන්කාමියෙකු වන El Shafee Elsheikh ට එරෙහිව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට එක්සත් ජනපද අධිකරණයක් විසින් තීන්දු කළ බව එරට රාජ්‍ය මාධ්‍ය සිකුරාදා වාර්තා කළේය .

 

එක්සත් ජනපද මාධ්‍යවේදීන් වන James Foley සහ Steven Sotloff මෙන්ම ජපන් ප්‍රාණ ඇපකරුවන් වන Kenji Goto සහ Haruna Yukawa යන වින්දිතයින්ගේ මරණයට තුඩු දුන් කුමන්ත්‍රණයට සම්බන්ධ වීමේ චෝදනාව යටතේ වරදකරුවෙකු වූ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි Shafee සහ බ්‍රිතාන්‍යයේ උපන් ඔහුගේ  සහකරු වූ Alexanda Kotey යන දෙදෙනාම 2015 වසරේ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් සිරියාවේදී  මියගිය "Jihadi John" නම් සටන්කාමී Mohommed Emwazi ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති බව පැවැසේ .

 

බ්‍රිතාන්‍ය බලධාරීන් සමඟ ඇති කරගන්නා ලද ගිවිසුමක් යටතේ වර්ජිනියාවේ ෆෙඩරල් උසාවිය විසින් Elsheikh මෙන්ම Kotey යන දෙදෙනාට එරෙහිව පනවා තිබූ මරණ දණ්ඩනය ඉවත් කිරීමට එකඟ වූ බව එක්සත් ජනපද මාධ්‍ය මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය .

81 Views

Comments