නිරිතදිග ජපානයේදී අනතුරට ලක්වූ ප්‍රවාහන නෞකා ද්විත්වය


නිරිතදිග ජපානයේ දී ප්‍රවාහන නෞකා දෙකක් අනතුරට පත් වේ

.

නිරිතදිග ජපානයේ Wakayama ප්‍රාන්ත වෙරළේ සිට කිලෝමීටර් 3.5 ක් පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නැංගුරම් ලා තිබූ ජපානයට අයත් රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන Ryoshinmaru නෞකාව සහ Belize හි ලියාපදිංචි කරන ලද Xin Hai 99 භාණ්ඩ ප්‍රවාහන නෞකාව එකිනෙක ගැටී ඇති බව වෙරළාරක්ෂක බලධාරීන් සෙනසුරාදා නිවේදනය කළේය.

 

අනතුර සිදුවන අවස්ථාවේදී ජපාන නෞකාව තුළ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සහ චීන නෞකාව තුළ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 14 දෙනෙකු සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් කිසිඳු හානියක් වී නොමැති බව වාර්තා වේ . එමෙන්ම ජපානයේ වෙනත් වරායකින් රසායනික ද්‍රව්‍ය රැගෙන යාම සඳහා Kobe වරායෙන් පිටත්ව ගිය Ryoshinmaru නෞකාව තුළ අනතුර සිදුවන අවස්ථාව වනවිට කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොතිබූ බවට තහවුරු කර තිබේ .  

 

මෙහිදී පලමුවෙන්ම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ එන්ජින් ප්‍රදේශයෙන් තෙල් ස්වල්පයක් කාන්දු වන බවට නිරීක්ෂණය වී ඇති අතර පසුව නෞකාව ගිලී යාම ආරම්භ වී තිබේ. නමුත් නිලධාරීන්ගේ දැඩි උත්සහය හමුවේ තත්වය පාලනය කර ගැනීමට හැකිවූ බවත් කිමිදුම්කරුවන් යොදාගනිමින් සෙනසුරාදා අලුයම සිට අනතුර සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කළ බවත් Kushimoto වෙරළාරක්ෂක   නිලධාරියෙකු මෙහිදී අදහස් දක්‌වමින් පැවැසීය.

152 Views

Comments