එළැඹෙන 2023 වසන්තයේදී මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්තයේ Susono නගරයේ ආරම්භ වීමට නියමිත කනිෂ්ඨ උසස් පාසල් පහට ඇතුළත් වන සිසුන් වෙනුවෙන් පොදු මූලික නිල ඇඳුමක් හදුන්වා දීමට පියවර ගෙන ඇති බව නාගරික රජය පසුගියදා නිවේදනය කළේය.
මේ යටතේ අලුතින් ඇතුළු වන කනිෂ්ඨ උසස් පාසැල් සිසුන් හට ශීත ඍතුවේදී භාවිතා කිරීම සඳහා ජැකට් සහිත නිල ඇඳුම් මෙන්ම ගිම්හානයේදී භාවිතා කිරීම සඳහා නාවික නිල් පැහැ Polo කමිස නිර්මාණය කර ඇති අතර සෑම සිසුවෙකුටම, ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා, තම අවශ්‍යතාවය පරිදි කලිසම් සහ සාය තෝරා ගැනීමට, රිබන් බැඳීමට සහ ජැකට් මෙන්ම ෂර්ට් නිතිපතා පැළදීම සදහා අවසර හිමිවේ.
පිරිමි ළමුන් සඳහා කොලර් සහිත ජැකට් මෙන්ම ගැහැණු ළමුන් සඳහා නාවිකයන්ගේ විලාසිතාවේ ජැකට් හා සාය මීට පෙර භාවිතයේ පැවැති නිල ඇදුම වේ. කෙසේ නමුත් , ගෝලීය උණුසුම සමඟ කටයුතු කිරීමට හැකිවන පරිදි ඒවා සකස් කර නොමැති වීම, පාසල් අතර නිල ඇඳුම්වල මිල වෙනස්කම් පැවැතීම , ලිංගභේදය සහිත ඇඳුම් වර්තමාන විවිධත්වයේ පරමාදර්ශයන්ට නොගැලපීම සහ ඒවායේ බහුකාර්යතාව නොමැතිකම හේතුවෙන් නිල ඇඳුම් නැවත භාවිතා කිරීමේ දුෂ්කරතා මතුවීම යන කරුණු නව නිල ඇඳුම් හදුන්වා දීම සඳහා හේතු වී ඇති තිබේ.