ජපාන අගමැති හට COVID-19 ආසාදිත බව තහවුරු වෙයි


ජපන් අගමැති kovid ආසාදනය වේ

.

මේ දිනවල රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෛරසයේ BA.5 Omicron උප ප්‍රභේදයේ හත්වන රැල්ල හමුවේ සෞඛ්‍ය අංශ පවා දැඩි පීඩනයකට ලක්ව සිටින මොහොතක ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida Corona වෛරසය සඳහා ධනාත්මක බවට අද දින සිදු කරන ලද පරීක්‍ෂණයක් මගින් තහවුරු වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය. 

 

එමෙන්ම එතුමා මේ වනවිට ඔහුට අයත් නිල නිවසේ විවේක ගනිමින් සිටින බවත් නොබෝ දිනකින්ම යළිත් සුවවී තම සේවයට පැමිණෙනු ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

105 Views

Comments