ටෝකියෝ හි හචිජෝ දූපතේ ගිම්හාන ප්රීතිය බෙදා ගැනීමට සහ එහි ජනතාව සමඟ එක්වීමට යුක්රේනියානුවන්ට අවස්ථාව ලැබී ඇත. ප්රදේශයේ බහුල ස්වභාවික චමත්කාරය පෙන්වීමට ප්රදේශවාසීන් යුක්රේනියානුවන් 18 දෙනෙකුට දිවයිනට ආරාධනා කර ඇත.
ආරාධිතයන් අතර රුසියාව යුක්රේනය ආක්රමණය ආරම්භ කිරීමෙන් පසු ජපානයට ගිය අය ද ඇතුළත් වේ. ඉන් බොහෝ දෙනෙක් ළමයින් සහ යෞවනයන් වේ. සිකුරාදා දිවයිනට පැමිණීමෙන් පසු යුක්රේනියානු අමුත්තන් කඳවුරු බැඳීමට උත්සාහ කර ගිම්හාන සංග්රහයක් සඳහා ප්රදේශවාසීන් සමඟ එක් වී ඇත.
ඔවුන්ගේ සිව් දින සංචාරයේදී ඔවුන් සම්ප්රදායික ජපන් බෙර වාදනයට ද නැටූහ. දිවයිනට පළමු වරට පැමිණි ආගන්තුකයෙකු පවසා ඇත්තේ ළමයින් සංචාරය භුක්ති විඳින බවත් බොහෝ මිතුරන් ඇති කර ගෙන ඇති බවත්ය.