පසුගිය අගෝස්තු 18 වන දින Hokkaido ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ පිහිටි Nemuro නගරයේ Rausu හි සංචාරක ස්ථානයක් අසල නතර වූ මෝටර් රථයක ජනේලය අසලට පැමිණ වාහනයට එබී සුක්කානම් රෝදය අල්ලා ගැනීම සඳහා කකුල් මත සිටගෙන සිටි දුඹුරු වලසෙකු, Shiretoko Pass ජාතික මාර්ගයේ අංක 334 අසලදී තම කැමරා කාචයට හසු කර ගැනීමට උපන් ගමට ගිය සංචාරයකින් පසුව නැවත නගරය බලා එමින් සිටි Sapporo හි ආයතනික සේවිකාවක් වන 30 හැවිරිදි Ayano Yoshida ට හැකිව තිබේ .
පාර මැද වාඩි වී සිටි වලසා දැකීමෙන් පසුව ඇය තම වාහනයේ උපද්‍රව ලයිට් දල්වා නතර කර ඇති අතර ඉදිරියට පැමිණි කුලී රථයක්ද ඒ අනුව වංගුවේ නතර වී ඇත. මෙම දුඹුරු වලසා කුලියට ගත් වාහනය අසලට ගොස් එක් ටයරයක් මත අතක් තබා පසුපස කකුල් මත සිටගෙන, රියදුරුගේ කවුළුව දෙසට එබී බැලූ බවත් පැති කණ්ණාඩිය ඇදී යන බවක් පෙනෙන්නට තිබූ බවත් ඇය මෙහිදී සදහන් කළාය . කුලී රථය තුළ ඒ මොහොතේදී තරුණයෙක් සිට ඇති නමුත් ඔහුගේ මුහුණ ඇදවී අතිශයින් බයට පත්ව සිටි බව පෙනී ගිය බවත් “ඒ මනුස්සයට ඒ මොහොත ගෙවා දැමීම ඉතා භයානක අත්දැකීමක් වන්නට ඇති "බවත් Yoshida පැවසුවාය.
කුලියට ගත් මෝටර් රථය පසුව ආරක්ෂිතව සෙමෙන් ඉවත් වීමට පටන් ගෙන ඇති අතර මද වෙලාවක් එලෙසින්ම පාරේ වටපිට බැලූ වලසා පාර අයිනේ තිබූ බෑවුමට නැගී නොපෙනී ගොස් තිබේ. අමුත්තන්ට Rausu කන්දෙහි විශාල දසුන් දැක ගත හැකි මෙම සංචාරක අඩවිය Shiretoko Pass අසල පිහිටා ඇති අතර, ප්‍රදේශය පුරා බොහෝ පාපැදිකරුවන් ඇතුළු සංචාරකයින් 60 දෙනෙකු පමණ සිටින බැවින් "එය භයානක තත්වයක් විය හැකි" බවට පැවැසේ.
දේශීය ස්වභාවික පරිසරය පිළිබඳ දැනුමක් ඇති Shoretoko Nature Foundation හි නියෝජිතයෙකු මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ "අපට අවශ්‍ය වන්නේ රිය පැදවීමේදී දුඹුරු වලසෙකු හමු වුවහොත් මෝටර් රථයෙන් බැස හෝ ජනේල විවෘත නොකර තත්වය සමීක්ෂණය කර ඉක්මනින් පිටව යන ලෙසයි. වලසෙකු පසුකර යාමේදී විශේෂයෙන් ප්‍රවේශම් වන ලෙස පාපැදිකරුවන්ගෙන් සහ යතුරුපැදිකරුවන්ගෙන් ඉල්ලා සිටින අතර, සතා පාරෙන් ඉවතට නොයන්නේ නම්, යළිත් වරක් සෙමෙන් ආපසු හැරී පැමිණෙන ලෙස අපි තරයේ නිර්දේශ කරමු" යනුවෙනි.